Eshadi Mendis

I Remember the Fire

2022 අවුරුද්දෙ කැනඩාවේදි මම තවත් යාළුවො කට්ටියක් එක්ක රෑ කෑමකට සෙට් වුණ වෙලාවක අපේ මාතෘකාව රොමැන්ටික් relationships පැත්තට යනව. දැන් ඔන්න අපි ඉතින් අපිට දැනට රොමැන්ටික් relationship එකක් තියෙනවද, කලින් හිටපු උදවිගෙ විස්තර වගේ දේවල් කතා කරනව. ඒ අතරෙ මගේ එහා පැත්තෙ හිටපු යාලුවා (පිරිමි ළමයෙක්) පොඩ්ඩක් ඇඹරිලා කියනව එයාට කෙනෙක් ඉන්නව කියල. ඒ වෙද්දි…

By

LGBTQ, වික්ටෝරියානු දායාද සහ සිරි ලාංකිකයන්!

2022 අවුරුද්දෙ කැනඩාවේදි මම තවත් යාළුවො කට්ටියක් එක්ක රෑ කෑමකට සෙට් වුණ වෙලාවක අපේ මාතෘකාව රොමැන්ටික් relationships පැත්තට යනව. දැන් ඔන්න අපි ඉතින් අපිට දැනට රොමැන්ටික් relationship එකක් තියෙනවද, කලින් හිටපු උදවිගෙ විස්තර වගේ දේවල් කතා කරනව. ඒ අතරෙ මගේ එහා පැත්තෙ හිටපු යාලුවා (පිරිමි ළමයෙක්) පොඩ්ඩක් ඇඹරිලා කියනව එයාට කෙනෙක් ඉන්නව කියල. ඒ වෙද්දි මං එයත් එක්ක අවුරුදු දෙකක් විතර එකට වැඩත් කරල. කව්ද ඉතින් ඕව අහන්න යන්නෙ.

එයා ඒක කියපු ගමන් මං ඒ පැත්තට හැරිල අහනව, Do we know her? (අපි ඇයව දන්නවද) කියල. එයා ගත් කටටම කියනව It‘s not ’Her‘, it’s ‘Him’ (ඇය නෙවෙයි ඔහු) කියල. පිරිමි ළමයෙක් වුණ එයාට රොමැන්ටික් relationship එකක් තියෙන්නෙ පිරිමි ළමයෙක් එක්ක කියලයි එයා ඒකෙන් කිව්වෙ.

Open minded, independent ගගා ගෙදර මිනිස්සුන්ට LGBTQ ගැන කියල දෙන මං ඒක අහල විනාඩියක නිශ්ශබ්දතාවයක් රැක්ක ඒකට respond කරන්නෙ කොහොමද කියල හිතා ගන්න බැරුව. මට මතකයි මං එයාට disrespect නොවෙන විදිහට සහ මගේ open minded කම රැකෙන විදිහට ප්‍රතිචාර දක්වන්න internally පුදුම අරගලයක් ඒ තත්පර කීපය ඇතුලෙ කල විදිහ.

Photo by Mohamed Nohassi on Unsplash

එදා ඉඳන් නොයෙකුත් sexual orientations තියෙන නොයෙකුත් ලිංගික අනන්‍යතා (sexual identities) තියෙන පුද්ගලයො මට හම්බෙලා තියෙනව. ලෝකෙ ඉන්න මේ විවිධකාරයේ පුද්ගලයො තමන්ව විස්තර කරන විදිහ, තමන්ගෙ හැගීම් දැනීම් ගැන කියන විදිහ අහන්න දකින්න මං වාසනාවන්ත වෙලා තියෙනව.

ලෝකෙ ඉන්නෙ ගැහැණු පිරිමි කියන දෙපාර්ශවය විතරක් නෙවෙයි. ලෝකෙ ගැහැණු පිරිමි ආකර්ෂණය වෙන්නෙ විරුද්ධ ලිංගිකයන්ට විතරකුත් නෙවයි. මේ විවිධත්වය මනුෂ්‍යයො වෙන අපි අතරෙ වගේම සත්ව ලෝකයෙත් තියෙනව.

ඒ කොහොම වුණත්, මේ විවිධත්වය ලෝකෙ එදා මෙදා හැමදාම තිබ්බත් ඒක නොපිළිගන්න, පිළිගන්න පරක්කු වෙන්නත් විශේෂයෙන් ලංකාව වගේ රටවල් වලට ලොකු හේතුවක් තියෙනවා.

ලිංගිකත්වය හෝ ජාතිය හෝ ආගම හෝ කිසිම බේදයකින් මනුස්ස වර්ගයා නොබෙදෙන, බෞද්ධ කියන දර්ශනය මුල් බැහැල තිබ්බ ලංකාවට, යටත් විජිත කාලෙදි වික්ටෝරියානු පාලන ක්‍රමය උන් හිටිතැන් අහිමි කරනව.

වික්ටෝරියානු පාලන කාලයේදී පල්ලියෙන් තහනම් වුණ LGBTQ අයිතීන් (rights) වගේ දේවල් වලට, යුරෝපය පසුකාලීනව විරුද්ධ වෙලා ඒ නීති රීති වෙනස් කරගත්තට, බ්‍රිතාන්‍ය යටත් විජිත වුණ අපි තාමත් වික්ටෝරියානු නීතී අදහගෙන ඉන්නව.

ඒ කාලෙ ලංකාවෙ මුල් බැහැල තිබ්බ සාමකාමී බෞද්ධ දර්ශනය පරිස්සන් කරගන්න අපිට බැරි වෙනව වගේම, මේ කාලෙ ලෝකෙ යටත් විජිත දේශපාලන (colonial political frameworks) රාමු වෙනස් කරගෙන කාලෙත් එක්ක වෙනස් වෙද්දි අපිට ලෝකෙත් එක්ක වෙනස් වෙන්නත් බැරි වෙනව. ඔන්න ඕකයි අපිට වුණේ!

මේක අදාළ වෙන්නෙ LGBTQ සම්බන්ද දේවල් වලට විතරක් නෙවෙයි, මේ රටේ තියෙන ප්‍රශ්න ගොඩකට මේ කියන බ්‍රිතාන්‍ය දායාද කරල ගියපු අනන්‍යතා අර්බුදය (identity crisis) බලපානව.

දැන් ඉතින් මේකෙන් අපිට ගොඩ එන්න බැරිද? පුළුවන්.

ලෝකෙ ඉන්න මිනිස්සු සහ සත්තු එයාලගෙ පාඩුවෙ එයාල කැමති කෙනෙක් එක්ක කාටවත් කරදරයක් නැතුව, රටේ නීතියට යටත්ව එයාලගෙ වැඩක් කරගෙන ඉන්නව නම්, මං මගේ පාඩුවෙ ඉන්නව කියල හිතන්න. පුලුවන්නෙ?

බුදුහාමුදුරුවො එහෙම කිව්වට දැන් සමහර පන්සල් වල හාමුදුරුවරු උගන්නනෙත් වික්ටෝරියානු කාලෙ කතෝලික පල්ලියෙ උගන්නපුව 

 ඒව බුදුහාමුදුරුවෝ කියලත් නෑ ජේසුස් වහන්සේ කියලත් නෑ.

එතකොට මේවා කියන්නෙ කවුද?
Politics කියල එකක් අහල ඇති නේ?

Leave a comment