Wayo බෑන්ඩ් එක ලඟදි ලස්සනම ලස්සන වැඩක් කරල තිබ්බ. ඒක සියලුම වයස් කාණ්ඩ වල guitarist ල 300ක් එකතු කරන් ලොකු symphony එකක්. ඒ video එක දැක්කම මගේ හිතට දැනුණ දේ විස්තර කරන්නත් අමාරුයි. අවුරුදු පහේ දරුවගේ අතේ තියෙන ගිටාර් එකත් අවුරුදු විසි පහේ දරුවගේ අතේ තියෙන ගිටාර් එකත් එකම රිද්මය ලස්සනට ගන්න හැටි ඒකෙ හොඳට පේනවා.
සාමාන්‍යයෙන් පාසලක වැඩසටහනක් කරන්න ගියාමත්, මගේ Schoolyard Scientists වැඩසටහනේ ඉන්න දරුවන්ටත් මං නිතරම කියන දෙයක් තමයි හැකියාවට වයස් බේදයක් නෑ කියන එක. වයස කියන්නෙ අංකයක් විතරයි. දරුවොන්ට ලොකු ලොකු දේවල් කරන්න ඇත්තටම අවශ්‍ය වෙන්නෙ අවස්ථාව සහ අපි එයාල ගැන දක්වන විශ්වාසය.
අපේ සීයා නැති වෙද්දි මට අවුරුදු 9යි. සීය මගේ ජීවිතේ හැඩ වෙන්න ප්‍රධාන සාධකයක් වුණ කෙනෙක්. සීය ඉස්සරහ මගේ අදහස් වලට ලොකු තැනක් තිබ්බ. සීයට මගේ වයස ගැන තැකීමක් තිබ්බෙ නෑ. අපි සෑහෙන්න වැදගත් මාතෘකා බොහොම ගැඹුරින් කතා කරා. හැබැයි ඔය අතරෙදි ‘ඔයා තාම පොඩියි’, ‘පොඩි කමටද කතාව’, ‘වැඩිහිටියනගෙ කතා වලට කට දාන්න එපා’ වගේ දේවල් මට සමහරුන්ගෙන් අහන්න නොලැබුණා නෙවෙයි. ඒත් මගේ පෞරුෂය වැඩෙන්න, බය නැතුව ඕන තැනක කතා කරන්න පුළුවන් වෙන්න සීයා ඒ මට දීපු තැන ප්‍රධාන හේතුවක් වුණා.
දරුවෙකුට ගෙදරදි වගේම පාසලෙදි සහ ඕනම සමාජයකදි වයස් බේදයක් නැතුව තමන්ගෙ අදහස, තමන්ගෙ මතය කියන්න, තමන්ගෙ මතය වෙනුවෙන් සටනක් දෙන්න, තමන්ගෙ හැකියාව පෙන්නන්න අවස්ථාව දෙන්න පුළුවන් නම් ඒක පිනක්. ඒ වගේම ඒක රටට ලෝකෙට කරන සේවයක්.
ලඟදි මං පාසලක වැඩසටහනක් කරන්න ගියාම අට වසරෙ පොඩි දරුවො කීප දෙනෙක් පිටිපස්සෙ හරියට වෙලා දඟල දඟල ඉන්නව. කියන දෙයක් ඔලුවට ගන්න පාටක් නෑ. මාත් එක්ක ගියපු අනිත් කෙනා වැඩසටහන මෙහෙයවන වෙලාවෙ මං අර දඟලන දරුවො ටික ලඟට ගිහින් එතන තිබ්බ පඩියක බිමින් හෙමින් සැරේ වාඩි වුණා. එහෙම වාඩි වෙලා මං ලඟින්ම හිටපු පුතාගෙන් ඇහුව ලොකු වෙලා කවුරු වෙන්නද ආස කියල. ලොකු වෙලා cricketer කෙනෙක් වෙනවලු. මං ඒ ප්‍රශ්නෙම ඒ පේළියෙ හිටපු අනිත් තුන් දෙනාගෙනුත් ඇහුව. ඊළඟ එක්කෙනා vollyball player කෙනෙක්, ඊළඟ එක්කෙනා ඉංජිනේරුවෙක්, ඊටත් පස්සෙ කෙනා cook කෙනෙක් වෙනව කිව්ව. මං ඉතින් තව අමතර ප්‍රශ්නත් ඇහුව; දැන් cricket ගහනවද, උයන්න ආසයිද වගේ.

දකුණු පළාතෙ පාසලක Schoolyard Scientists වැඩසටහනක් අතරතුර
අපි මේ අලුත් වැඩසහන් මාලාවෙ අපේ කතාවත් ටිකක් කියනව; මං කොහොමද මේ වැඩවලට යොමු වුණේ වගේ දේවල්. පරිසයට ආදරේ වෙන ගමන් තමන් තමන්ට ආදරේ වෙන හැටිත් දරුවොන්ට අපි කියල දෙන්න ඕන. ඉතින් cricketer කෙනෙක් වෙන්න ආස කෙනෙක් හිටපු නිසා මං ඇහුව කොහොමද T20 හැදුනෙ කියල. T20 matches ආවෙ පස්සෙ කාලෙකනෙ. ක්‍රීඩාවක් වගේම Business එකක් හැටියට cricket දියුණු වෙද්දි T20 වගේ අලුත් designs ලෝකෙට ආවා. ඒව design කරන්නෙත් මිනිස්සු. සෙල්ලන් කරද්දි ක්‍රීඩාවත් එක්ක ක්‍රීඩා කරන්න පුළුවන් බවත්, රස කෑමක් හදද්දි spices එක්ක සෙල්ලන් දාන්න පුළුවන් බවත් අහපු දරුවො අපිට එවපු feedback එකේ මෙන්න මෙහෙම ලියල තිබ්බ.
“….තමන් කැමති ක්ෂේත්රයකින් ඉදිරියට යන්න ගොඩක් අවස්ථා තියෙනව කියල පාසල් ළමයි දැනුවත් කරල ඔවුන්ව යොමු කරනවට ඔයාලට ස්තුතියි”
ලංකාව දියුණු වෙන්න නම් දරුවොන්ට strategic thinking ඉගෙන ගන්න අවස්ථාවක් ඕන. කටපාඩම් අධ්‍යාපනේ අද ලෝකෙට ගැලපෙන්නෙ නෑ. ඒකට ලංකාවෙ අධ්‍යාපනේ වෙනස් වෙන්න ඕනමයි. රටට ආදරේ විදුහල්පතිවරු, අවංකව උගන්න ගුරුවරු පිළිගන්න දෙයක් මේක. Wayo band එකේ ලස්සන වැඩේ දැක්කම මට හිතුනෙ මෙන්න මේවා තමයි ලංකාවට ඕන කියල. හැබැයි මේ concepts රටේ national system එකට එකතු වෙන්න ඕන. පොඩි දරුවො පොඩියි කියල කොළ වල පරිප්පු ඇට අලව අලව ඉන්න කියන්නෙ නැතුව එයාලට තාර්කිකව නිර්මාණාත්මකව හිතන්න අවස්ථාව දෙන්න ඕන.
මේ දේවල් ගැන මේක කියවන ඔයාලටත් මතයක් තියෙනව නම් මට ලියන්න. මං ආසයි මේක වෙනස් කරන්න මහන්සි වෙන්න කැමති අය එක්ක එකතු වෙලා ඇත්තටම වෙනසක් කරන්න මුල පුරන්න. මොකද syllabus එක විතරක් වෙනස් වෙලා විසඳන්න පුළුවන් දෙයක් නෙවෙයි මේ.
Leave a comment