මං රැග් උනේ උඩ batch එකට වඩා මගේම batch එකෙන් කියන එක මං නිතරම කියන කතාවක්. කැම්පස් එකට හූවක දුරින් හිටපු නිසත්, අය්යල අක්කලව නොසෑහෙන්න course work වලදි අමාරුවෙ දාපු lecturer කෙනෙක් අසල්වැසියෙක් වීම නිසාත්, පාරේ යද්දි කොල්ලෙක් විසිල් එකක් ගැහුවත් නැවතිලා ඇයි මල්ලි කියල අහන තරමට පිට කොන්දක් ඇතුව හැදිල තිබ්බ නිසත් මාව රැග් එකේ core එකට අහු උනේ නෑ කියල මං හිතනව (මේ කියන්නෙ රැග් නොවුන කියල නෙවෙයි)
හැබැයි ඒ කොහොම උනත් මගේ campus ජීවිතේ එහෙම සුන්දර එකක් නම් උනේ නෑ. කොල්ලන්ගෙන් නිතරම ගේම ඉල්ලපු, එකෙකුටවත් යට නොවී ඉන්න උත්සහ කරපු මම ඒ අවුරුදු කීපයේ නොසෑහෙන්න මානසික පීඩාවකින් හිටිය කියන එක අමතක කරන්න අමාරුයි. කෙලින් කතා කරන එක නිසාම batch එකම මාත් එක්ක තරහෙන් හිටිය වගේ දෙයක් තමයි උනේ. හැබැයි අදටත් කොන්ද කෙලින් තියන් කෙලින් කතා කරන එකේ වාසිය මං අත්විඳිනව. තමන්, තමන් විදිහට ඉන්නකොට තමන්ට නොගැලපෙන මිනිස්සු අයින් වෙලා ගැලපෙන මිනිස්සු වටේ එකතු වෙනව කියනවනෙ.
හරිම පුදුම කාරණය තමයි batch ෆිට් හදන්න බොහොම කැපවීමෙන් වැඩ කරපු කට්ටිය out උනාට පස්සෙ මගුල් ගෙදරකට මල ගෙදරකට හොයාගන්න බැරි එක. මට තාම මතකයි batch එකම ගල්කිස්සෙ beach යද්දි මං එන එක අනිවාර්යි කිව්වම මං බෑ කිව්ව. එක වසරෙ ඉඳන් එකොළහ වසර වෙනකන් ගල්කිස්සෙ ඉස්කෝලෙ ගියපු, මුහුද සහ beach එකත් එක්ක ආත්මගත බැඳීමක් තියෙන මං, බෑ කිව්වෙ ගමන අනිවාර්ය නිසා (මං beach යන්නෙ මට ඕනෙනම් නිසා
).
එදා මට batch ෆිට් එක ගැන දීර්ඝ දේශාවක් දීපු කොලු ගැටය out උනාට පස්සෙ දැක්කෙ එයාගෙම wedding එකේදි විතරයි. ආයෙ ඉතින් මල ගෙදරකට මගුල් ගෙදරකට බෙහෙතකටවත් හොයාගන්න තිබ්බෙ නෑ පොරව. Batch ෆිට් ලෙඩේ හොඳ වෙන්න ඇති out උනාම. Batch ෆිට් නැති මං batch එකට පැය හතරේ කුප්පි තුනකින් අමාරුම subject එකක් cover කරල දීල, රෙපාලාට, එක පාරක් කිව්වම තේරෙන්නෙ නැති අයට වෙනම කුප්පි දාලා, ටැමිල් අයට වෙනම ඉංග්‍රීසියෙනුත් කුප්පි දාලා සතුටින් out උනා.
මං ඉපදුනේ හැදුනේ වැඩුනේ නිදහස හොයන එක ජීවිතේ අංක එකට තියාගෙන. පස්සෙ කලෙක මේ රටේ සහ රටින් එළියෙ මටම ගැලපෙන නිදහස් මිනිස්සුත් එක්ක වැඩ කරද්දි තමයි මම නිදහස නිසා මිනිස්සු ලෝකෙම දිනන හැටි හරියටම දැක්කෙ.
මේ රට ගොඩ දාන්න පුළුවන් ශක්තියක් තියෙන තරුණ තරුණියො හැටියට විශ්වවිද්‍යායෙන් පිටවෙන්න පුළුවන්කම තියෙද්දිත්, ඒවාට සම්පත් විශ්වවිද්‍යාල ඇතුලෙ හොඳටම තියෙද්දිත්, strategic thinking, leadership qualities ගෑවිලාවත් නැති විභාග සහතිකේ විතරක් අරන් පිටවෙන ලෝකේ market එකට තරඟයක් දෙන්න බැරි පිරිසක් එලියට එන්න මේ unhealthy උපසංස්කෘති විෂබීජය ලොකු හේතුවක් නේද කියල පොඩ්ඩක් කල්පනා කරොත් තේරේවි.
මං දකින විදිහට, බොහෝ වෙලාවට රැග් කරන්න කෙනෙක් යොමු වෙන එකේ ප්‍රධානම හේතුව හීනමානය. ලංකාව කියන්නෙ ගෘහස්ත හිංසනය අධික රටක්. ඒකට දුප්පත්කමත් ප්‍රධාන හේතුවක් වෙනව. දුප්පත් කමින් පීඩාවක් නැති සමහර පවුල් ගෙදර දෙමවුපියන්ගෙන් අඩුම තරමෙ එක්කෙනෙක්ගෙ toxic හෝ nassistic හැසීරීම නිසා බයෙන් ජීවත් වෙන දරුවන් නිර්මාණය කරනව.
මෙහෙම ගෙදරත් පීඩා විඳල ඉස්කෝලෙත් හිර වෙලා ඉගෙනගෙන විශ්වවිද්‍යාල වලට ආවම මෙයාලට විශ්වවිද්‍යාලයක් ඇතුලට එන විවිධ පවුල් පසුබිම් වල, විවිධ පළාත් වල, විවිධ ආගම් වල, විවිධ අදහස් දරණ, විවිධ විදිහට අඳින පළඳින අයගෙ විවිධත්වය පේන්නෙ තර්ජනයක් හැටියට. අර upbringing එකෙන් කාවැදුන හීනමානයට අවශ්‍ය වෙනව විශ්වවිද්‍යාලයේ ඉන්න සියලු දෙනා කොන්ද පණ නැති, එකම විදිහට හිතන, එකම විදිහට අඳින පළඳින, පාලනය කරන්න පහසු මිනිසුන් කොට්ටාශයක් බවට පත් කරන්න.
කාලයක් මට campus එක ඇතුලෙ ලොකු වදයක් වුණ දෙයක් තමයි civil එකේ කෙල්ලො civil එකේ කෙල්ලොත් එක්කම ඉන්න ඕන, දවල්ට එකටම කන්න ඕන කියල අපේම batch එකේ උදවිය අරන් ආපු රීතිය. අපි මිනිස්සු හැටියට හැමෝම එක්ක කතා බහ කරත්, අපි නිතර ආශ්‍රයට වැටෙන්නෙ එක වගේ vibe එකක් තියෙන මිනිස්සුත් එක්ක. ඒක අපි කවුරුවත් හිතල කරන දෙයක් නෙවෙයි. අපිට click වෙන අපේ vibe එකේ මිනිස්සු එක්ක අපි ඉන්න ආසයි වගේම, එහෙම shared vibe එකක් නැති මිනිස්සු එක්ක අපිට දිනපතා ඉන්න අමාරුයි. අනික කවුරු කාත් එක්කද ආශ්‍රය කරන්න ඕන කියන එක තීරණය කරන්න ඕන තමන් මිසක් batch එකේ අනිත් මිනිස්සු නෙවෙයි.
කොහොම හරි විශ්වවිද්‍යාලෙ ඇතුලෙ ඉද්දි කාලෙන් කාලෙට මේ වගේ මෝඩ නීතී රීති දාලා තමන්ගේ inferiority එක හෙවත් හීනමානය තුනී කරගන්න උත්සහ කරපු සෑහෙන්න උදවිය හිටිය. විහිලු, අපහාස, discriminations, වගේ දේවල්වලින් මෙයාල තමන්ට control නැති සහ උවමනාවට වඩා control කරන්න පුළුවන් දෙපාර්ශවයම අපහසුතාවයට පත් කරා.
ඉතින් මේ උප සංස්කෘතිය, අපේ පාසල් පද්ධතිය යාවත්කාලීන වෙනකන්, generational traumas heal වෙනකන් වගේම රටේ දුප්පත්කම අඩු වෙනකන් සම්පුර්ණයෙන්ම නැති වෙයි කියල හිතන්න අමාරුයි. ඒ නිසා මේක විසඳන්න පුළුවන් තරමට නීතිය ශක්තිමත් කරන එක ආණ්ඩුව කරන්න ඕන වගේම, GenZ එක මේ වෙලාවෙ කරන් යන අරගලයට සම්පුර්ණ සහයෝගය දීල මේක ඉවරයක් කරගන්න පොඩ්ඩක් හරි සිහිබුද්ධියක්, රටට ආදරයක්, රටේ අනාගත පරම්පරාව ගැන ආදරයක් හිතේ කොනකවත් තියෙන හැම කෙනෙක්ටම ශක්තිය ලැබේවා කියල ප්‍රර්ථනා කරනව.
GenZ එකේ රැග් එක සහමුලින්ම අතු ගා දැමීමේ අරගලයට ජය වේවා!
Leave a comment