Eshadi Mendis

I Remember the Fire

ඉස්සර කාලයක් තිබ්බ මං දිගට හරහට National Geographic documentaries බලපු. එක එක රසකතා!  පොඩි කාලෙ ඉංග්‍රීසි උගන්නපු teacher කෙනෙක් දීපු Readers Digest සඟරා කියෙව්වට, මට පින්තුර පිරුණ National Geographic magazine එකක් අතින් අල්ලන්න ලැබුණෙ ගොඩක් ලොකු වෙලා. ඒකත් second hand book shop එකකින් ගත්තෙ.  මං ඉගෙන ගත්තෙ Civil Engineer කෙනෙක් වෙන්න. පොඩිම කාලෙ අපේ ආච්චි…

National Geographic Explorers Festival 2025: මං කවදාවත් නොදැක්ක හීනය! ❤️

ඉස්සර කාලයක් තිබ්බ මං දිගට හරහට National Geographic documentaries බලපු. එක එක රසකතා! 

පොඩි කාලෙ ඉංග්‍රීසි උගන්නපු teacher කෙනෙක් දීපු Readers Digest සඟරා කියෙව්වට, මට පින්තුර පිරුණ National Geographic magazine එකක් අතින් අල්ලන්න ලැබුණෙ ගොඩක් ලොකු වෙලා. ඒකත් second hand book shop එකකින් ගත්තෙ. 

මං ඉගෙන ගත්තෙ Civil Engineer කෙනෙක් වෙන්න. පොඩිම කාලෙ අපේ ආච්චි මට දොස්තර නෝනා කෙනෙක් වෙන්න කියපු නිසා එහෙම වෙන්න හිතන් ඉඳල, පස්සෙ කලෙක හඳට යන්න Astronomy කරනව කියල හිතන් ඉඳලා (ඒක නම් වෙනස් වුණේ හඳ දිහා telescope එකකින් බලපු දවසෙ. මං හඳෙන් ඊට වඩා දෙයක් බලාපොරොත්තු වුණා ඇත්තටම 😁) කොහොමහරි අන්තිමට තාත්ත එක්ක ගේක ප්ලැන් එකක් කියවල Civil Engineering කරන්න ඕන කියල මං අවසාන තීරණේට ආව.

ඔය අතරෙදි ලස්සනට විචාරයක් ලියපු දවසට මං පත්තර වාර්තා කාරයෙක් වෙනව කියලත් හිත හිත හිටපු දවස් තිබ්බ. හැබැයි ඉතින් Engineer, Doctor, Lawyer ඇරෙන්න අනිත් ඒව….එහෙම තේරුමක් තිබ්බෙ නෑ…

කොහොම වුණත් අවුරුදු 6ක් විතර, තියෙන දිගම පාරෙන් Engineering කරල, IESL එක, “ඔන්න දැන් ඔයාට නමට ඉස්සරින් Eng. කියල දාගන්න පුළුවන්” කියල ගෙදරට ලියුමක් එව්වම මට ඇති වුණේ හිස් හැඟීමක්. ඒ ලියුම දිහා මං ටිකක් වෙලා බලන් හිටිය. සතුටක් නොදැනීම ගැන බයක් ආවෙ මට.

2020දි මගේ ජීවිතේ U-turn එකක් ගන්නව. පුංචි කාලෙ මුං ඇට පැල ලොකු වෙන හැටි බල බල, සමනල කෝෂයෙන් සමනලය එලියට එනකන් දවස් ගණන් බලන් හිටපු පුංචි ගෑනු ළමයව මට ආයෙත් හම්බෙනව. ඒක U-turn එකකට වඩා නැවත ඉපදීමක්! 

ලෝකෙ වෙන රටවල අය එක්ක වැඩ කරන්න ලැබුණම ‘අඩේ! ලෝකෙ හෙන ලොකුයිනෙ’ කියල තමයි හිතුණෙ. Amazon වල රෝස පාට ගංගා ඩොල්පින්ල ගැන research කරන අය, පිලිපීනයෙ ආදිවාසී මිනිස්සුන්ගෙ ඉඩම් වල අයතින් රැක ගන්න සටන් කරන අය, අධ්‍යාපනය දියුණු කරන්න games design කරන අය… මේ ලෝකෙ මාරයිනෙ!

2023 ගොඩනැගිලි දෙපාර්තමේන්තුවෙ පුටුවක් උඩට වෙලා අමාරවෙන් ඉන්නකොට මං කල්පනා කරනව ඇත්තටම මං මේ දෙපාර්තමේන්තුවට වෙලා ඉන්න එක ලෝක අපරාධයක් කියල.

ඉතින් මං තීරණය කරනව ඒ වගේ ලෝක අපරාධ වලින් මාව වගේම මේ රටේ මිනිස්සුන්ව, විශේෂයෙන්ම ළමයින්ව ගලවගන්න. 

Schoolyard Scientists කියන්නෙ ළමයින්ව මේ ලෝක අපරාධයෙන් බේරා ගැනීමේ මගේ පළමු මෙහෙයුම. National Geographic Society එක, මගේ මේ මෙහෙයුම රටේ අවශ්‍යතාවයක් බව පිලිගන්නව. ඉතින් එයාල තිරණය කරනව  ඒකට අනුග්‍රහය දක්වන්න.

National Geographic Society එකේ අනුග්‍රහය ලැබෙන අයට තව ලොකූ අවස්ථාවක් ලැබෙනව. ඒ තමයි National Geographic Explorer කෙනෙක් වෙන්න ලැබෙන එක. ඒ කියන්නෙ Explorer Community එකේ යාවජීව සාමාජිකයෙක් වෙනව කියන එක.

Photo Credit: Anuki Jayasekara

NatGeo Explorers Community එක කියන්නෙ, රෝස පාට ඩොල්පින්ල ගැන පරීක්ෂණ කරන අය, තඩි කැස්බෑවොන්ගෙ වයස හොයන අය, අලියෙක් හිතන විදිහයි මනුස්සයෙක් හිතන විදිහයි අතරෙ තියෙන සමානකම් ගැන රස කතා ලෝකෙට කියන අය, පොඩි දරුවන්ට ප්ලාස්ටික් උවදුර ගැන දැනෙන විදිහට උගන්නන්න අලුත් ක්‍රම හොයන අය වගේ ජොලි වගේම අර්ථවත් වැඩ කරන මිනිස්සු පිරුණ තැනක්.

ලංකාවෙ National Geographic Explorers ල අතේ ඇඟිලි ගානටවත් නෑ. ඉන්දියාවෙන් තමයි වැඩිම පිරිසක් ඉන්නෙ. ඊළඟට වැඩිම Explorers ල පිරිසක් ඉන්නෙ ඇමෙරිකාවෙන්.

ගිය අවුරුද්දෙ National Geographic Explorers Festival එක මං බැලුවෙ මගේ laptop එකෙන්. ඒකෙ රස කතා බලන් ඉන්නකොට, යන්න තිබ්බ නම් මරු කියල මාත් හිතුව.

ඉතින් ජොලි වැඩේ කියන්නෙ මේ පාර National Geographic Explorers Festival එකට එන්න කියල එයාල මට ආරාධනා කරල! 😍

ඉතින් ජුනි 9 ඉඳන් 13 වෙනකන් අමෙරිකාවෙ, වොෂින්ග්ටන් DC වල තියෙන National Geographic Explorer Festival එකට මාත් යනව.

තව ගොඩක් රස කතා අහන්න, ලෝකෙ මිනිස්සු කරන ලස්සන වැඩ දකින්න, එයාලත් එක්ක කතා කරන්න, අපි ලංකාවෙ කරන වැඩ ගැන ලෝකෙ අනිත් අයත් එක්ක බෙදාගන්න මේක හොඳ අවස්ථාවක්.  ජුනි 11 වෙනිදට මට Schoolyard Scientists ලගේ වැඩ Exhibit Hall එකේ පෙන්වන්නත් අවස්ථාව ලැබිල තියෙනව.

වැඩක් කරන්න ආසයි නම් මේ මොහොතෙත් open වෙච්ච grant opportunities බර ගානක් තියෙනව. කරන්න ජොලි ජොලි වැඩ කොච්චර තියෙනවද ඉතින්!

කවදාහරි හිතෙන් අහල හිතෙනවද ඔයා මේ ලෝකෙට ආවෙ මොකටද කියල? චුට්ටක් ඔයාලගෙම හිතෙන් එහෙම අහල බලන්න ඉඳල හිටල පොඩි වෙලාවක් ගන්න. ඔයාලට ඔයාලගෙ හිතෙන් ලැබෙන අවංක උත්තරේට සමහරවිට පුදුම හිතෙන්නත් පුළුවන්! 😍

Leave a comment